Monday, May 30, 2011

ඔහු

මම තවමත් සිතමි.ඒ මා ‍කොතැනින් කියන්නට පටන්ගන්නේ යැයි කියාය.ඒ කියන්නට යමක් නැතිකමම නොව ඔහුගේ ජීවිතය අරබයා මේ කතාව මා අරබන්නේ කොතැනින් දැයි නොහැගෙන බැවිනි.ලියන්නටයැයි කියා මහාලොකු අතීතයක් විශාල අත්දැකීම් සම්භාරයක් හෝ ඔහුට නැත.යන්තම් ඔහුට හට ඇත්තේ අවුරුදු දහනමයක ඉතා කෙටි අතීතයකි.ඒ කෙටි අතීත මතකයෙන් බොහෝ කොටසක් පාසලත් එහි යහලුවනුත් විසින් අරක්ගෙන ඇත.


ඔහු කරන්නේ කුමක්දැයි කියනවාට වඩා ඔහු නොකරන්නේ මොනවාදැයි කීම පහසුයැයි මටහැගේ.වැරදිවැඩ කිහිපයක් හැර අනෙක් සියලුම හොද නරක වැඩ ඔහු කරයි.ඔහුගේ මිතුරු පැතුම් කියන්නාක් මෙන් පැතලි චරිතම දකිනා වූ මිනිසුන්ගෙන් හෙබි මේ ලෝකය ඔහු හොද සිරිමත් කෙනෙකුන් ලෙස හැදින්වූවද නරක චොප්පෙ අයියා කෙනෙකු ලෙස හැදින්වූවද ඔහු එසේ නොවේ.ඔහු නරක චොප්පෙ අයියා කෙනෙකුවත් හොද සිරිමත් කෙනෙකුවත් නොව ඒ චරිත දෙක අතර සිටින නොපැතලි චරිතයකි...හොද චොප්පෙ අයියා කෙනෙකු කීවද වැරදි නැත.

ඔහු විටෙක ඒ හා සමවයසේ බොහෝ අයවලුන්ට වඩා වාසනාවන්ත යැයි මට සිතේ.ඒ ඔහුට මුලු සිතින්ම ආදරය කරන්නට ගැහැනු ලමයෙකු හැර අනෙක් ඔනෑ කරන බොහෝ දේ ඕනෑවටත් වඩා ලැබී ඇති බැවිනි.නිදහස ඒ අතර උපරිම ස්ථානයක ඇත.

ඔහු බොහෝ ලෙස වර්ථමානය විදියි.හදුනන්නන් බොහොමයක් ඔහු අමුතු චරිතයක් ලෙසත් කාලය කා දමන්නකු ලෙසත් මුහුනට නොකීවමුත් යටි සිතින් සිතනා බැව් ඔහු දනී.නමුත් ඒ ගතිය දැන් ඔහුගෙන් වෙන්කරනු බැරිලෙසටම බැදී ඇති බව මා හොදාකාරවම දනිමි.ඔහු අනාගතය උදෙසා තම වර්ථමානය ආයෝජනය කිරීමට දැඩි මැලිකමක් දක්වන්නෙකි.ඒ ඔහු වර්ථමානය බෙහෙවින් විදින්නට ආසා කරන්නෙකු හෙයිනි.විටෙක ඔහුට බොහෝ දොස් අසන්නට ලැබෙනුයේ ඒ නිසායැයි සිතේ.ඔහු අතීතය ගැන කිසිදු විටක දුකින් සිහිනොකරන්නේ සතුටින් සිහිකරනුයේ අතීතයද විදි නිසායැයි සිතමි.

අනාගතය ගැනද වැඩිපුර නොසිතත් ඔහු අන්සියල්ලන්ම සේ විවේකවෙලාවන්හිදී සිහින මවයි.තරුනයෙකු හා තරුනියක ආදර චිත්‍රපටයක් බලා සතුටු වන්නේ යම් සේද ඔහු ඒ සිහින බලමින් එලෙසින් සන්තෝශයට පත් වෙයි.අතීතයත් වර්ථමානයත් පටලා අනාගතය හා මුසුකොට ඔහු හා තරගයට සිහින මවන්නට දක්ෂ අධ්‍යක්ෂක වරයෙකුටත් ඉතා අපහසු බව මා කියන්නේ අත්දැකීමෙනි.

ඔහු බොහෝ කාලයක් යහලුවන් සමග ගෙවයි.විටෙක ඔහුට යහලුවෝ පමණටත් වඩා සිටිතැයි මට සිතේ.නමුත් ඊට නිවැරදිම ගැලපෙනම වදන යහලුවෝ ද ඔහු දැනහදුනන්නෝ දැයි කියා මට හරියට නිච්චි නැත.කෙසේ උවත් ඒ පවුලෙන් උරුමවූ ජානමය අභාශයක් නිසායැයි යැයි සිතෙනුයේ ඔහුගේ පියාද,පියාගේ සහෝදරයින් ගැනද මා හොදහැටි දන්නා බැවිනි.චන්දෙ ඉල්ලුවොත් යාලුවොන්ගෙ චන්දෙන්ම උබට දිනන්න පුලුවන් යැයි කලින් කී ඔහුගේ බාප්පා ඔහුට කියනු ඇසුනේ දිනකිහිපයකට උඩිනැයි සිතමි.

විටෙක ඔබ ඔහුව කාලයක පටන් දන්නා මුත් මා තරමටම නොදන්නා බව මා දනිමි.මා දන්නා ඔහු ගැන වචන ගණනකට සීමා කොට විස්තර කරන්නටත් ,හිතට දැනෙන දේ ඒ ලෙසින්ම අකුරු කරන්නටත් සපන් දක්ෂ ලියන්නෙකු නොවන්නෙමි.එසේ හෙයින් ඔහු ගැන මෙතෙකින් නිමකරමි.

මා ඔහු හොදින් හදුනන්නෙක් !!

7 comments:

  1. කවුද මේ ඔහු? හොයා ගන්නා කෙනෙකුට ඇතෙක් බරට රත්තරං දෙනු ලැබේ... (ඉස්සෙලම මෝඩ කොමෙ‍ටුවක් දාලා මම මුලු පෝස්ට් එකම කෑවද මංද)

    ReplyDelete
  2. හික් හික්... මම ඔහු කව්ද කියන්නම් අතෙක් බරට රත්තරං දෙනවනම්
    (අයියෝ නෑ කොටජි අක්ක.. ඉස්සෙලම හොද කමෙන්ටුවක් දාල මෝඩ පෝස්ට්එක ගොඩ දැම්ම :D )

    සහෝධරයා

    ReplyDelete
  3. මේක මෝඩ පෝස්ට් එකක් නෙමෙයි... ඔයා ලියන ශෛලය හොඳයි... මමත් ගොඩක් උත්සහ කරනවා මගේ writing skills හදා ගන්න. මොකද මම ලියන්න ආසවෙන් හිටියට මට ඉස්සර රචනාවක් වත් ලියා ගන්න බැහැ. ඉස්කෝලෙදි රචනා වලට ජීවිතේට ලකුණු හම්බ වෙන්නේ නැහැ 50 උඩ. බ්ලොග් එක ලියන්න පටන් ගත්තහම ටිකක් විතර ලියන්න පුලුවන් උනා. ඒත් මට තාම ලියන්න පුලුවන් කතා කරන භාශා විලාශයෙන් විතරයි.... මමත් ඉක්මණටම පුරුදු වෙන්න ඕනා මේ වගේ ලස්ස්නට ලියන්න.... :)

    ReplyDelete
  4. ඔයා ලියන විදිය හරි ලස්සනයි.

    ReplyDelete
  5. බොහොම ස්තූතියි නදී අක්ක. : )

    සහෝධරයා

    ReplyDelete
  6. අපි නං දන්නවා. ලොල්.

    ReplyDelete
  7. උබ දැනගන්නම එපැයි බුධා..හික් හික් :D

    ReplyDelete